May 17, 2024

මියන්මාරය හමුදා පාලනයට නතු වීමත් සමඟ එරට රූපවාහිනී ඇතුළු දුරකථන සම්බන්ධතා බිඳ වැටේ

February 01, 2021

මියන්මාරය නැවත වතාවක් හමුදා පාලනයට නතු වීමත් සමඟ එරට ජනතාව භීතියට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියන්මාර හමුදාව විසින් මෙලෙස බලය අල්ලා ගැනීමත් සමඟ එරට එරට ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකව වන MRTV නාලිකාව හමුදාව තම යටතට පත් කරගෙන ඇති බවට වාර්තා වෙයි.

එමෙන්ම දුරකථන සම්බන්ධතා සියල්ලද අවහිර වී ඇති බවත්, දුරකථන අන්තර්ජාල සම්බන්ධතාවයන් ද ඇනහිට තිබෙන බවත් වාර්තා වන අතර තවමත් WIFI (වයිෆයි) තාක්ෂණය පමණක් ක්‍රියාත්මක වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Netblock වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට අද (01) උදෑසන හමුදා පාලනය එරට බලය නැවත වරක් තහවුරු කරගැනීමත් සමඟ අන්තර්ජාල භාවිතය 50%කින් පහළ වැටී ඇති බවද සඳහන් වෙයි.

Rate this item
(1 Vote)