May 13, 2024

ඇෆ්ගනිස්ථානය ගිනි ගද්දී ජෝ බයිඩන් කිව්ව කතාව

ඇෆ්ගනිස්ථානය තුළ තලේබාන් ත්‍රස්ත සංවිධානය සහ ආරක්ෂක අංශයන් තුළ දැඩි ගැටුම් හටගෙන තිබෙනවා.

මේ වන විටත් එරට බොහෝ ප්‍රදේශවල බලය ත්‍රස්තයන් අතට පත්වී ඇති අතර තවත් ප්‍රදේශවල ගැටුම් ඇතිව තිබෙනවා.

මෙම සියල්ල ආරම්භ වුණේ හිටපු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගන්නා බවට කරන ලද ප්‍රකාශය වත්මන් ජනපති ජෝ බයිඩන් විසින් ක්‍රියාත්මක කිරීමත් සමඟයි.

මේ වන විට ඇෆ්ගනිස්ථානයේ පළාත් 34ක ප්‍රධාන නගර තලේබාන් සංවිධානයට නතුව තිබෙනවා. 

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් පවසා තිබුණේ ඇෆ්ගනිස්ථාන නායකයන් එකතු වී සිය ජාතිය වෙනුවෙන් සටන් වැදිය යුතු බවයි. 

එමෙන්ම හමුදාවන් එරටින් ඉවත් කරගැනීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් කනගාටු නොවන බවද අමෙරිකානු ජනපති ජෝ බයිඩන් විසින් පවසා සිටියා.

ජනපතිවරයා පවසා සිටින්නේ ඔවුන් ඔවුන් වෙනුවෙන් සටන් වැදිය යුතු බවයි.

අමෙරිකානු හමුදාවන් වසර 20කට ආසන්න කාලයක් ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වල නිරතව සිටි අතර පසුව එම මෙහෙයුම් අත්හිටු වීමට තීරණය කරනු ලැබුවා.

Rate this item
(0 votes)