April 27, 2024

සතුටින් සිටි කාන්තාවක් නිසා දුම්රියක් තුළ පිහි ඇනුමක්

පසුගිය 06 වැනිදා ටෝකියෝ මගී ප්‍රවාහන දුම්රිය තුළ පිහි ඇනුමක් සිදුව තිබුණා.

මෙම පිහි ඇනුමෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබුණු බවයි වාර්තා වුණේ.

වයස අවුරුදු 36ක් වූ පුද්ගලයෙකු විසින් ඔහු ගමන් කරමින් සිටි දුම්රියේ කාන්තාවක් සතුටින් සිටිනු දැක තිබෙනවා. ඉන් කෝපයට පත් එම පුද්ගලයා විසින් ඇයව මරා දමන්නට තැත් කර තිබුණා.

එහිදි දුම්රිය තුළ සිදුවූ ගැටුම්වලදී පිරිසක් තුවාල ලබා තිබුණු අතර පාසල් සිසුවියක් බරපතළ තුවාල ලබා තිබුණු බව සඳහන් වෙනවා.

ඔලිම්පික් පැවැත්වෙන ටෝකියෝ හිදී මෙම සිදුවීම වූ අතර ඒ නිසා ටෝකියෝ නුවර ආරක්ෂාව තවත් දැඩි කර ඇති බවයි සඳහන් වන්නේ.

දුම්රියේ තුළ විශාල ශබ්දයක් ඇති වීම නිසා දුම්රිය රියදුරා විසින් දුම්රිය නවතා ඇති අතර ඒ මොහොතේ අපරාධකරු පලා ගොස් ඇති බවයි සඳහන් වුණේ.

මෙලෙස පලා ගිය අපරාධකරු පිළිබඳව එරට මාධ්‍ය ආයතන විසින් පුවත් පළ කරන අවස්ථාවේ සැකකරු වෙළෙඳසැලක සිට තිබෙන අතර එහිදී වෙළෙඳසැල් හිමියාට සැකකරු පවසා තිබුණේ එම සිදුවීමට සොයනා පුද්ගලයා තමන් බවයි.

කෙසේ වෙතත් ඊයේ (07) දිනයේ දී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 August 2021 10:57