April 27, 2024

ශ්‍රී ලංකාවට ජපානයේ දොර ඇරෙයි

September 19, 2021

කොවිඩ් අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 06කට පැනවූ සංචාරක තහනම ඉවත් කිරීමට ජපාන රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා පැනවූ තහනම හෙට (20) දිනයේ සිට ඉවත් කරන බව ජපාන රජය නිවේදනය කර තිබෙනවා.

මෙම තහනම ඉවත් කිරීමත් සමග ජපානයට පැමිණෙන එම රටවල සංචරකයින් ගුවන් තොටුපලේදී කොරෝනා පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර එහිදී එරට රජය නිර්දේශ කරන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධානයටද යොමු විය යුතුයි. 

කෙසේවෙතත් අදාළ රටවල සිට පැමිණෙනන්නන් ගුවන්තොටුපොළේ දී සිදුකරන කොවිඩ් පරීක්ෂණයට අමතරව දින තුනක කාලයක් අනිවාර්ය නිරෝධායනයට ලක්ව කොවිඩ් පරීක්ෂණයක් සඳහා යොමු වී ආසාදිත නොවන බවට තහවුරු විය යුතු බවද ජපාන රජය නිවේදනය කර තිබෙනවා.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ අවදානම සැලකිල්ලට ගනිමින් පසුගිය ජුනි මාසයේ දී ජපාන රජය එම තහනම පනවනු ලැබුවා.

බ්‍රිතාන්‍යය විසින් ද කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබු ශ්‍රී ලංකාව ඉන් ඉවත් කිරීමට තීරණය කළා.

එළඹෙන 22 වැනිදා සිට ශ්‍රී ලංකාව එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය තීරණය කර ඇති බව වාර්තා විය.

Rate this item
(0 votes)