March 29, 2024

දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභය බිලියන 10පනී

ශ්‍රි ලංකා දුම්රිය සේවය 2021 වර්ෂයේ දි රුපියල් බිලියන 10.3 පාඩුවක් ලබා ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික මහබැංකු වාර්තාවේ දැක්වෙනවා.

එම වාර්තාවට අනුව 2020 වර්ෂයේ දි ශ්‍රි ලංකා දුම්රිය සේවය  රුපියල් බිලියන 10.1 අලාභයක් වාර්තා කොට තිබුණා. 

මගී ප්‍රවාහනයෙන් ඉපයු ආදායම සියයට 53.0කින් පහලයාම මේ සදහා ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවද මහ බැංකු වාර්තාවේ දැක්වෙනවා.

ශ්‍රි ලංකා දුම්රිය සේවයේ ආදායම 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ දි  රුපියල් බිලයන 2.7 දක්වා සියයට 41.3කින් සැලකිය යුතු ලෙස පහළගොස් ඇති බවද මහ බැංකුව පවසනවා.

‍මෙකි ආදායම පහළයාම සදහා අප්‍රේල් හා අගෝස්තු යන මාසවලදි කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම  ප්‍රධාන වශයෙන් හේතුවි තිබුණා.

Rate this item
(0 votes)