April 20, 2024

පැණි ධම්මිකගේ මල්ලී කොරෝනාවෙන් මරුට

February 15, 2022

කොවිඩ් 19 වෛරස ආසාදනයෙන් ආරක්ෂා කරවන බවටත්, ආසාදිතයන් සුව කරන බවටත් පවසමින් පැණියක් නිෂ්පාදන කර ඒ හරහා මහත් ප්‍රසිද්ධියට පත් කෑගල්ල ධම්මික බණ්ඩාර මහතාගේ සොයුරෙකු මරණයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

වඩාත් සුවිශේෂී කාරණාව වන්නේ ඔහු මරණයට පත්ව ඇත්තේ ද කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් වීමයි.

මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල, හෙට්ටිමුල්ල, මාකූර, ගනේගොඩතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි අප්පුකුට්ටි කංකානමලාගේ හීන් බංඩා නැමැති අයෙක්.

58 හැවිරිදි තිදරු පියකුවන ඔහු ධම්මික බණ්ඩාර මහතාගේ බාල සොයුරා බව සඳහන්.

12 වැනි දා රාත්‍රියේ මෙම පුද්ගලයා මරණයට පත්ව ඇත්තේ සිය නිවසේ සිටියදී යි.

පසුව කෑගල්ල මහ රෝහලේ දී මළ සිරුර සම්බන්ධයෙන් සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ දී ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ දේහය කොවිඩ් නීති රීතිවලට අනුව කෑගල්ල ආදාහනාගාරයේ දී ආදාහනය කර ඇති බව යි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 15 February 2022 18:55