කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගණන 54 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා ද ආසාදිතයෙකු බවට හඳුණා ගැනීමත් සමග යි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඔහු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.
අකිල එල්ලාවල මහතා ප්‍රකාශ කළේ පෙරේදා සිදු කළ කොවිඩ් හඳුණාගැනීමේ පරීක්ෂණයක දී තමා ආසාදිතයෙකු බව තහවුරු වූ බව යි.
ඒ අනුව මේවන විට තමන් වෛද්‍ය නිර්දේශ මත නිවෙස් නිරෝදායනයට යොමුව ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.