March 28, 2024

පාර්ලිමේන්තුව අසලත් අලුත් ගම්මානයක් – “හොරුගෝගම” ලෙස නම් කරයි

පාර්ලිමේන්තුව අසල නව ගම්මානයක් ඉදි වී තිබෙනවා.

ඒ ‘හොරු ගෝ ගම’  නමින්.

ඊයේ (05) දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දැවැන්ත පා ගමන කෙළවර වූයේ, පොල්දූව වටරවුමෙන් වසා තබා පාර්ලිමේන්තු මාර්ගයට ශිෂ්‍ය අරගලකරුවන් ඇතුල්වීමට උත්සාහ කිරීමත් සමගයි.

විජේරාම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ඇරඹි දීර්ඝ පා ගමන හයිලෙවල් – නුගේගොඩ හරහා රාජගිරියෙන් පැමිණියේ බත්තරමුල්ල වෙතයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු සඳහා මාර්ග බාධක යොදා වසා දමා තිබූ පාර්ලිමේන්තු මාවතට උද්ඝෝෂකයින් ඇතුල්වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ පොලීසිය සහ අරගලකරුවන් අතරයි.

යොදා තිබූ පොලිස් මාර්ග බාධක බිඳ හෙලමින් ඉදිරියට ගමන් කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ විරෝධතාකරුවන් උත්සාහ කිරීමත් සමග විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළා.

ඉන් අනතුරුව විරෝධතාකරුවන් සිය අරගලය නොනැවතී රැගෙන යාමට ඊයේ රාත්‍රියේ දී බිඳ දැමූ පොලිස් මාර්ග බාධක උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තු මාවත අවට රැය පහන් කිරීමට අට්ටාල සැකසීම ආරම්භ කෙරුණා.

ඒ අනුව අරගලකරුවන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීමට ඊයේ රෑ වනවිටත් වැල නොකැඩී විව්ධ පාර්ශ්වයන් ඉදිරිපත් වුණා.

Rate this item
(0 votes)