March 28, 2024

පොලිස් ඇමති කැබිනට්ටුවේදී ඇදගෙනම නාලා : ජනපතිගෙනුත් හොඳට අහගෙන

February 19, 2022

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී සරත් වීරසේකර අමාත්‍යවරයා උද්ඝෝෂණකරුවන්ට බැටන් ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර දී පලවා හැරිය යුතු බවට යෝජනාවක් ගෙන ආවා.

පසුගිය දිනවල තිබූ උද්ඝෝෂණ නිසා පාරවල් වසා දැමීම ආදී හේතූන් මත ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන බවයි අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය හමුවේ සඳහන් කළේ.

පොලිසියට නින්දාවක්

එවන් අවස්ථාවක උද්ඝෝෂණකරුවන්ට පහර නොදී නිකම් බලා සිටීම පොලිසියටත් නින්දාවක් බවද සඳහන් කළ අමාත්‍යවරයා එසේ පහර නොදී සිටීම මත ආණ්ඩුවට හොඳක් වූනේ නැති බවත් කැබිනට් මණ්ඩලයට මතක් කර දුන්නා.

ඇමතිවරයාගේ මෙම මතයට මුලින්ම විරෝධය දැක්වූයේ ජනපතිවරයායි.

"උද්ඝෝෂණකරුවන්ට කඳුළු ගෑස් ගැහුවා නම් මට මෙතන ඉන්න වෙන්නෙත් නැහැ.ඔබට ඔතන ඉන්න වෙන්නෙත් නැහැ.ඒකෙන් බැනුම් අහන්න වෙන්නෙ මටයි ආණ්ඩුවටයි.කඳුළු ගෑස් ගැහිල්ල බැටන් ප්‍රහාර දීම මේ ප්‍රශ්න වලට විසඳුම නෙමෙයි."

ජනපතිවරයා වීරසේකර ඇමතිට ප්‍රහාර එල්ල කිරීමේ ආදීනව පෙන්වාදී තිබෙන්නේ ඔය ආකාරයට.

නීතියේ කොතනද තියෙන්නේ

උද්ඝෝෂණ වලට බැටන් ප්‍රහාර එල්ල කරන්න , කඳුළු ගෑස් ගහන්න නීතියේ කොතනද තියෙන්නේ යයිද ජනපතිවරයා එහිදී ඇමැතිවරයාගෙන් ප්‍රශ්නත් කර තිබෙනවා.

ජනපතිවරයා දැරූ එම අදහසට වීරසේකර අමාත්‍යවරයා එකඟතාවය පළ නොකොට උද්ඝෝෂකයින්ට ප්‍රහාර එල්ල කිරීමේ අවශ්‍යතාවය ගැන දිගින් දිගටම කතා කිරීම නිසා ඊට කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙක් ද මැදිහත් වී තිබෙනවා.

ඒ ජනපතිවරයාගේ සහායට.

එසේ මැදිහත් වී තිබෙන්නේ විමල් වීරවංශ , රමේෂ් පතිරණ හා මහින්ද අමරවීර යන අමාත්‍යවරුන්.

ජනපති දුන් උපදෙස

ඔවුන් සඳහන් කර තිබෙන්නේ උද්ඝෝෂණ වලට පහර දීමෙන් එම උද්ඝෝෂණ වලට වටිනාකමක් ලැබෙන බවයි.

දෙපාර්ශවය අතර මත ගැටුම ඉවරයක් නොවන බව තේරුම්ගත් ජනපතිවරයා වීරසේකර ඇමතිවරයාට උපදෙසක් ලබා දී තිබෙනවා.

ඒ උද්ඝෝෂණ වලට ගහන්න එපා කිව්වේ තමා යයි ඕනේ නම් පොලිසියට පවසන ලෙසටයි.

Rate this item
(4 votes)
Last modified on Saturday, 19 February 2022 15:40

Related items