April 27, 2024

ජපාන ප්‍රහාරක යානයකට නොසිතූ ඉරණමක්

සිය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානයක් අතුරුදන් වී ඇති බව ජපානය පවසනවා.

ජපාන ආරක්ෂක අමාත්‍යංශය මේවන විටත් යානය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට ඇති බව යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් යානයට කුමක් සිදුවූයේ ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ ජපාන ස්ව්‍යං ආරක්ෂක ගුවන් හමුදාවට (Air Self-Defence Force) අයත් F-15 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක්.

එරට ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ යානය ගුවන්ගත වී සුළු මොහොතකින් එය පිළිබඳ තොරතුරක් නොමැති වූ බව යි.

අතුරුදන් වූ යානයෙහි ගුවන් භටයින් දෙදෙනෙකු ගමන් කර තිබෙනවා.

ඉෂිකාවා පළාතෙහි පිහිටි කොමට්සු ගුවන් හමුදා කඳවුරු තොටුපොළෙන් අහසට නැගී ඇති මෙම යානයත් සමග සන්නිවේදන සබඳතා ඇණහිටින විට එය ජපාන භූමියෙන් කිලෝමීටර 5ක් පමණ මුහුද දෙසට වන්නට පියාසර කරමින් තිබී ඇති බව සඳහන්.

යානයේ ඉරණම වූයේ කුමක්දැයි හඳුණා නොගත් පසුබිමක ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ආරක්ෂක අමාත්‍යංශය සැක කරන්නේ එය සාගරයට කඩා වැටෙන්නට ඇති බවට යි.

මෙම සැකය අනුව ජපාන වෙරළාරක්ෂක බලකායට අයත් බෝට්ටු කිහිපයක් මේවන විටත් යානය අවසන් වරට සන්නිවේදන සබඳතා පැවැත්වූ මුහුදු සීමාව වෙත ගොස් තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 31 January 2022 17:23