April 24, 2024

රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය තිදෙනෙක් අතුරුදන්

කොත්මලේ රම්බොඩ දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනෙකු අතුරුදහන් වී ඇති බවත්, අතුරුදහන් වු තරුණයන් තිදෙනා සොයා පොලිස් ජිවිත ආරක්ෂක නිලධාරින් මෙහෙයුමක් දියත් කර ඇති බව නුවරඑලිය ජේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසුරිය මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවා.

වවුනියාවේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක පිරිසක් ඊයේ (11) දින නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයක පැමිණ ආපසු වවුනියාව දක්වා යන අතරතුර අද (12) දින පස්වරු 3.30 ට පමණ රම්බොඩ දිය ඇල්ලේ දිය නෑමට තරුණයන් හත් දෙනෙකු දිය ඇල්ලට බැස ඇති බවත්, එකවරම රම්බොඩ දිය ඇල්ලේ සැඩ පහර වැඩි වි තරුණයන් හත් දෙනා ගසාගෙන යන අවස්ථාවේ ඉන් තරුණයන් සිව්දෙනෙකු එම ස්ථානයේ රාජකාරි සදහා යෙදවා ඇති ජිවිත ආරක්ෂක භටයින් බේරාගෙන ඇති බවයි ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

රම්බොඩ දිය ඇල්ල ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග රම්බොඩ දිය ඇල්ලේ ජල පහර එකවරම වැඩි වි ඇති බවයි කොත්මලේ ප්‍රදේශවාසින් කියා සිටියේ.

සැඩ පහරට හසු වි අතුරුදහන් වු තරුණයන් සොයා පොලිස් ජිවිත ආරක්ෂක භටයින් කිහිප දෙනෙකු සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් කොත්මලේ පොලිසිය පරික්ෂණ පවත්වන බව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 April 2022 18:01