April 27, 2024

ලංකාවේ තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා! තෝරා ගන්නේ මෙහෙමයි

September 16, 2021

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථාව ලබාදීමට ජපාන රජය එකගවී තිබෙනවා.

ඒ අනුව මෙරට තරුණ තරුණියන් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපොළ වල රැකියා සදහා අවස්ථාව ලබාදීමට එකගවී ඇති බවයි වාර්තා වන්නේ.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිත් ගුණසේකර මහතාගේ මෙහෙයවීම මත මීට අදාළ අවබෝධතා ගිවිසුම ඉදිරි දෙසතිය තුළ අත්සන් කිරීමට සූදානම් කරන බව ඊයේ (15) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට සම්බන්ධ වූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ගුණසේකර මහතා ප්‍රකාශ කල බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ.

එහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙරට තරුණ තරුණියන් දහසකට ජපානයේ රැකියා අවස්ථාව ලබාදීමට මැදිහත්වීම සම්බන්ධයෙන් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට කෘතඥතාව පළකර තිබෙනවා.

මෙම රැකියා අවස්ථා සඳහා තෝරා ගනු ලබන තරුණ තරුණියන්ට විදේශ සේවා නියූක්ති කාර්යාංශය සමඟ එක්ව අවශ්‍ය භාෂා පුහුණුව හා අදාළ වෙනත් පුහුණු අවශ්‍යතා සපුරා දිය හැකි බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා.

Rate this item
(0 votes)