March 28, 2024

ඉතිහාසයේ ලොකුම තෙල් මිල සූදානම්! වැඩි කරන හැටි ඇමති කියයි!

February 18, 2022

ඉන්ධන මිල වැඩි කිරීමට අවසර ලබා දෙන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව පසුගිය දා රජයෙන් ඉල්ලා සිටියා.

එම සංස්ථාව ප්‍රකාශ කළේ පවතින පාඩු ලබන තත්ත්වය මත අනිවාර්යයෙන් මිල ඉහළ දැමීමක් අවශ්‍ය බව යි.

එවන් එවන් අවස්ථාවක යි පසුගිය දින ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම සිදු කළේ.

ඇමතිගේ ඉඟි

මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ඉන්ධන මිල මේ තත්ත්වයෙන් තබා ගනිමින් දරා ගැනීමට උත්සහ දරමින් සිටින නමුත් මෙම මිල ගණන් යටතේ කොතරම් දුර ගමන් කිරීමට රජයට හැකිවේ ද යන්න සැක සහිත බව යි.

ඉන්ධන මිල යළි වැඩි කිරීමක් අත ළඟ පැමිණෙන බවට ඔහු ද එහි දී ඉඟි ලබා දුන්නා.

මේවන විට ශ්‍රී ලංකාව මෙතෙක් අත්විඳ ඇති ඉහළම බොරතෙල් මිලට මුහුණ දෙමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වැඩි කරන හැටි

මෙවන් තත්ත්වයක් මත ඉන්ධන මිල වැඩි කිරීම සිදුකරන ආකාරය පිළිබඳව ද ගම්මන්පිල අමාත්‍යවරයා අදහස් පළ කළා.

ඔහු පවසා සිටියේ මිල වැඩි කිරීම සිදු කරනු ලබන්නේ පෙර දැනුම් දීමකින් තොරව බවට යි.

එබැවින් ඉන්ධන මිල වැඩි වීම කවදා සිදුවන්නේ ද යන්න පිළිබඳ තමන්ට ප්‍රකාශ කළ නොැති බව ද ඔහු පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් තෙල් සංස්ථාව සිදු කර ඇති ඉල්ලීමට අනුව ඉන්ධන මිල වැඩි කිරීම සිදු කළ හොත් එය මෙතෙක් මෙරට ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල වැඩිවීම ලෙස වර්තාගත වනු ඇති බව ඔහු අවධාරණය කළා.

ඉන්ධන සඳහා අවශ්‍යවන මුදල් සොයාගැනීමේ බරපතළ අභියෝගයට රජය මුහුණ දී ඇති බව ද පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අපනයන ආදායම හරහා රටට එකතුවන මුදලින් තුනෙන් දෙකකටත් වැඩි ප්‍රමාණයක් ඉන්ධන සඳහා වියදම් කිරීමට සිදුව තිබීම අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත්ව ඇති බව යි.

වැඩි නොකළොත් බෑ

මෙවන් වාතාවරණයක ඛණිජ තෙල් සංස්ථාවේ පාඩුව උපරිම මට්ටමකට පැමිණ ඇති බව එම සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

එබැවින් ඉන්ධන මිල ඉහළ දැමීම දිනකින් හෝ පමා කළ හොත් එය දරාගත නොහැකි පාඩුවක්වනු ඇති බව යි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය රජය ගත යුතු බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කළා.

මේ අතර දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක ඉන්ධන හිඟයක් පවතින බව ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 February 2022 01:34