April 28, 2024

තවත් ගැසට්ටුවක්! මිල ඉහළ යන මීලඟ භාණ්ඩය මෙන්න! Featured

දේශීයව බෝතල් කළ පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙනවා.

ඒ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසිනු යි මෙම ගැසට් නිවේදනය නිකුත් කොට ඇත්තේ.

ශ්‍රී ලංකා බෝතල් කරන ලද පානීය ජල ඇසුරුම්කරුවන්ගේ සංගමය විසින් පසුගිය දා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කොට තිබුණා.

එම සංගමය ඉල්ලා තිබුණේ පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස යි.

නැව් ගාස්තු මෙන්ම ප්ලාස්ටික් ඇතුළු අමුද්‍රව්‍ය මිල වැඩි වීම හේතුවෙන් කර්මාන්තයේ පිරි වැය ඉහළ ගොස් ඇති බව එහි දී ඔවුන් පෙන්වා දී තිබුණා.

කෙසේ වෙතත් මේ අයුරින් ජල බෝතල්වල උපරිම සිල්ලර මිල ඉවත් කිරීමත් සමග ඒවායේ මිල ඉහළ යාමක් සිදුවනු ඇති බව පැහැදිළි කරුණක්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 January 2022 13:31