April 27, 2024

බැසිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්! වැටුප් වෙනස් වෙයි! ජනතාවගේ ඉඩම් ගැනත් තීරණයක්! (AUDIO)

පඩිය වැඩි වෙයි

මසකට රුපියල් 5,000 විශේෂ දීමනාවක් සියලුම රාජ්‍ය සේවකයින් වෙත ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

2022 වසරේ ජනවාරි සිට එම විශේෂ දීමනාව ලබා දෙන බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ.

මෙම දීමනාව විශ්‍රාමිකයින්ගේ වැටුපට ද එක්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද වැටුප් වැඩි කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇති බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා පවත්වන ලෙසට කම්කරු අමාත්‍යවරයා වෙත උපදෙස් ලබා දෙනු ලැබූ බව යි බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මුදල් අමාත්‍යංශයේ දී අද (03) රාත්‍රියේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මුදල් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළා.

ආහාර සහ ඖෂධ ගැනත් තීරණයක්

මේ අතර අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ සියළු බදුවලින් නිදහස් කිරීමට කටයුතු කරන බව ද මුදල් අමාත්‍යවරයා පවසනවා.

මෙය අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව යි ඔහු සඳහන් කළේ.

මේවන විට රට තුළ ඇති ආර්ථික පීඩනය අවම කිරීම සඳහා මෙම පියවර ගත් බව පැවසෙනවා.

ඉඩම්වලටත් මුදල්

තව ද කෘෂි කර්මයේ වර්ධනයක් ඇති කිරීම සඳහා ද ඉඩම් සඳහා මුදල් ලබා දීමට තීරණය වී ඇති බව සඳහන්.

මුදල් අමාත්‍යවරයා පවසා සිටියේ පර්චස් 20ට අඩු ඉඩම්වල වගාවන් සඳහා රුපියල් 5,000ක මුදලකුත්, අක්කරයත් පර්චස් 20ත් අතර ඉඩම් සඳහා රුපියල් 10,000ක මුදලකුත් ලබා දීමට කටයුතු කරන බව යි.

ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීම සඳහා විශේෂ ආර්ථික පැකේජයක් හඳුන්වා දීම වෙනුවෙන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වනු ලැබුවා.

මෙම කරුණුවලට අමතරව ජනතාව වෙත රජය විසින් ලබාදෙන බව පැවසෙන සහන රැසක් පිළිබඳව මුදල් අමාත්‍යවරයා අනාවරණය කළ අතර ඔහුගේ එම සියළු අදහස් රැගත් හඬපටය පහතින් ශ්‍රවණය කරන්න.

IMF සමගත් සාකච්ඡා

මේ අතර මෙම මාධ්‍ය හමුවේ දී මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රජය මේවන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF සමගත් ආසියානු සංවර්ධන බැංකුව සමගත් සාකච්ඡා කර ඇති බව යි.

තමන් IMF වෙත නොයන බවට රජයේ අමාත්‍යවරු කිහිපදෙනෙකුම සපථ කර පවසන පසුබිමක බැසිල් රාජපක්ෂ මහතා මෙම අනාවරණය සිදු කිරීම විශේෂයෙන් කැපී පෙනෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකාවට මූල්‍යමය සහයෝගය ලබා දෙන අනෙකුත් රටවල් සමගත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව ද ඔහු ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 January 2022 01:18