April 25, 2024

බැසිල් හා රනිල් අතර උණුසුම් සංවාදයක්

අද පැවති සර්ව පාක්ෂික සමුළුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ බව වාර්තා වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් වූ වාර්තාව අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියත් එය නොලැබුණු බවත් අද හෝ එය ලබාදෙන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටියා.

එයට පිළිතුරු ලබා දෙමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් නිකුත් කළ සම්පූර්ණ වාර්තාව නොලැබුණු බවයි.

රනිල් වික්‍රමසිංහ යළි සඳහන් කළේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව නිකුත් කර ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති බවයි.

එහිදී උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර මුදල් අමාත්‍යවරයා එහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් නිකුත් කළ කෙටුම්පත පමණක් ලැබුණු බව පිළිගත්තා.

සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සාකච්ඡා කිරීම සහ අදහස් ලබාගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලැබුවා.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතාලෙයි පුලිකල්, කඳුරට ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා හා අපේ ජනබල පක්ෂයේ අතුරලියේ රතන හිමි හවුල්කාර පක්ෂ 11ක් නියෝජනය කරමින්, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි සමුළුවට එක්ව සිටියා.

Rate this item
(4 votes)
Last modified on Wednesday, 23 March 2022 17:06

Related items