April 20, 2024

සාධාරණ මිලකට ඉහළම වටිනාකමක් ලබාදෙන ZTE ස්මාර්ට් දුරකථන

ලොව ප්‍රමුඛතම දුරකථන සන්නිවේදන සමාගමක් වන ZTE වෙළඳපොළට හඳුන්වා දී ඇති ස්මාර්ට් දුරකථන මාලාව, ශ්‍රී ලාංකිකයන්ට ගෙවන මිලට ඉහළම වටිනාකමක් දෙන සුවිශේෂී ස්මාර්ට් දුරකථන එකතුවකි. ඉතාමත් සහනදායී මිලකට ලබාගත හැකි මෙම දුරකථන, විශේෂාංග රැසකින් සහ ඉහළම ක්‍රියාකාරීත්වයකින් යුක්ත ය.

1985 දී ආරම්භ වූ ZTE සමාගම දශක 2 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට දුරකථන සන්නිවේදන උපාංග සපයා තිබේ. කෙසේ වුවද ZTE සමාගම ස්මාර්ට් දුරකථන නිෂ්පාදනය ආරම්භ කළේ මෑතකදී වන අතර, සහනදායී මිලකට විශේෂාංග රාශියකින් සමන්විත ස්මාර්ට් දුරකථන එකතුවක් වෙළඳපොළට හඳුන්වා දීම සමාගමේ අරමුණ විය.

ZTE දුරකථන අතර ‘Upper-midrange’ මට්ටමේ ප්‍රධානම මාදිලියක් වන ZTE V30 මාදිලිය, මීට සමාන තලයේ ස්මාර්ට් දුරකථන වල ඇතුළත් විශේෂාංග සියල්ලම පාහේ ඊට අඩු මුදලකට ලබාදෙයි. ඉතාමත් අලංකාර නිමාවකින් යුත් මෙම මාදිලිය කළු සහ නිල් වර්ණ වලින්, රු. 69,999/- කට මිලදීගත හැක. 64MP ප්‍රධාන කැමරාව සමග 8MP ultrawide lens, 5MP macro lens, සහ 2MP depth sensing camera වශයෙන් කැමරා 4 කින් සමන්විත පසුපස කැමරා පද්ධතිය විශිෂ්ට මට්ටමේ ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාදෙයි. එමෙන්ම උසස් තත්වයේ සෙල්ෆි ඡායාරූප ලබාගැනීම සඳහා මෙයට 16MP ඉදිරිපස කැමරාවක්  යොදා තිබේ.

128GB මතක ධාරිතාවක් සහ 4GB RAM සමග Octa-core ප්‍රොසෙසරයක් යොදා ඇති නිසා මෙය ක්‍රියාකාරීත්වය අතින් ඉහළ ස්මාර්ට් දුරකථනයක් බවට පත්වී ඇත. ZTE V30 මාදිලියේ 5,000mAh බැටරියේ ආරෝපණය (Battery Charge) දිගු වේලාවක් පවතින අතර, එහි බලසම්පන්න GPU සහ අඟල් 6.67 1080p IPS දර්ශන තිරය mobile gaming සඳහා ඉතාමත් සුදුසු ය.

ZTE V30 Vita මාදිලිය, සහනදායී මිලකට ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත ස්මාර්ට් දුරකථනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට ඉතාමත් සුදුසු තේරීමකි. 128GB මතක ධාරිතාවක් සහ 4GB RAM සහිත මෙම මාදිලිය රු. 53,999/- කට මිලදීගත හැකි වේ. මෙහි පසුපස කැමරා පද්ධතිය 48MP ප්‍රධාන කැමරාව සමග, 5MP macro camera සහ 2MP depth sensing camera වශයෙන් කැමරා 3 කින් සමන්විත වන අතර, ඊට යොදා ඇත්තේ 5,000mAh බැටරියකි. ඉතාමත් අලංකාර නිමාවකින් යුතු මෙම මාදිලිය නිල්, අළු සහ කොළ වර්ණ වලින් මිලදීගත හැකි වේ.

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට දැන් www.singersl.com වෙබ් අඩවිය ඔස්සේ හෝ සිංගර් ප්‍රදර්ශනාගාර සහ දිවයින පුරා අලෙවි නියෝජිතයන් වෙතින් ZTE ස්මාර්ට් දුරකථන මිලදීගත හැක.

ZTE යනු ලොව දුරකථන සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රමුඛයෙකි. 1985 දී ආරම්භ වූ එම සමාගම Hong Kong සහ Shenzhen කොටස් වෙළඳපළවල ලැයිස්තුගත වී තිබේ. ZTE සමාගම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කර තවමත් දීර්ඝ කාලයක් ගත වී නොතිබුණද, වසර 20 කට අධික කාලයක් තිස්සේ එම සමාගම මෙරට දුරකථන සමාගම් සඳහා උපකරණ හා උපාංග සපයා තිබේ. මේ වනවිට රටවල් 160 කට අධික සංඛ්‍යාවක පාරිභෝගිකයන්, සමාගම් හා ආයතන සමග ගනුදෙනු කරන ZTE සමාගමේ දැක්ම වන්නේ, සියලුම දෙනා වෙනුවෙන් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම ය.

Rate this item
(0 votes)