April 26, 2024

“ලංකාවේ බැංකු පද්ධතිය ස්ථාවරයි, සුරක්ෂිතයි” – මහ බැංකු අධිපති

ශ්‍රී ලාංකික බැංකු ක්ෂේත්‍රයේ සියලුම බැංකු වල ප්‍රාග්ධන සංචිත ඉතාම ස්ථිර තත්වයේ පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සදහන් කරනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පවසා සිටියා.

බැංකු ක්‍රමයේ ආයෙත් ස්ථායීතාවය පිළිබඳ සමහර දේශපාලනඥයින් විසින් සිදු කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඒ මහතා අවධාරණය කරනවා.

බැංකු ක්ෂේත්‍රය කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වන බවත් ඇතැම් පාර්ශව පවසන පරිදි කඩා වැටීමේ අවධානමක් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.

Rate this item
(0 votes)