April 20, 2024

බැසිල් අයින් කළොත් අර්බුදයෙන් ගොඩ එන්න පුලුවන්ද : විමල් දුන්න පිළිතුර

බැසිල් රාජපක්ෂ මහතා මුදල ඇමති ධූරයෙන් ඉවත් කිරීමෙන් පවතින ආර්ථික අර්බුදයට වන බලපෑම පිළිබඳව සිය මතය විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

ඔහු සදහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාව මුදල් ඇමති ධූරයෙන් ඉවත් කිරීම ආණ්ඩුව කරන අයගේ හිත සුව පිණිස ප්‍රයෝජනවත් බවයි.

ප්‍රමාද වැඩියි

එහෙත් දැන් ඊට ප්‍රමාද වැඩි බවයි වීරවංශ මහතා පෙන්වා දෙන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ධූරයෙන් ඉවත් කළා කියා පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට පවතින පාලනයට හැකි යැයි තමන් විශ්වාස නොකරන බව මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

පවතින ආර්ථික අර්බුදය විසඳීමට නම් පවතින පාලනය වෙනස් කළ යුතු බවයි වීරවංශ මහතා එහිදී සඳහන් කළේ.

මාධ්‍ය නැඟු ප්‍රශ්නය

විමල් වීරවංශ මහතා මේ අදහස් පළ කළේ මාධ්‍ය හමුවක නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ධූරයෙන් ඉවත් කිරීමෙන් මේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බවට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ හිමියන් කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේදී කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙසයි වීරවංශ මහතා ඉහත සඳහන් පිළිතුර දුන්නේ.

නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වත්මන් රජය බලයට ගෙන ඒමට සෑහෙන වැඩ කොටසක් කළ හිමිනමක්.

Rate this item
(2 votes)
Last modified on Monday, 28 March 2022 16:06