April 27, 2024

රන් මිල වෙනස් වෙයි

ගත වූ සතිය තුළ ලෝක වෙළඳපොලෙහි රන් මිලෙහි පහත වැටීමක් දක්නට ලැබෙනවා.

මෙයට හේතුව, අමෙරිකා එක්සත් ජනපද මධ්‍යම සංචිතය විසින් පොලී අනුපාත ඉහළ නැංවීමේ බලාපොරොත්තුව මත ඩොලරය ශක්තිමත් වීම බව යි ආර්ථික විශේෂඥයින් පවසන්නේ.

මෙම සතිය තුළ රන් අවුන්සයක මිල 2.5%කින් පමණ පහත වැටී ඇති බව සඳහන්.

සති අන්තය තුළ දී රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 1785.71ක් ලෙස යි.

රන් අවුන්සයක මිල 1800ට වඩා මෙලෙස පහත වැටුණූ නමුදු ස්වර්ණාභරණ, කුඩා රන් කැබලි, රන් කාසි ආදිය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව වාර්තා වෙනවා.

මෙම ඉල්ලුම හේතුවෙන් මෙම වසර තුළ රන් මිලෙහි ස්ථාවර බවක් අපේක්ෂා කළ හැකි බව යි ලෝක රන් මණ්ඩලය පෙන්වා දෙන්නේ.

Rate this item
(4 votes)
Last modified on Monday, 31 January 2022 12:03