April 24, 2024

ලොව ලොකුම ධනවතුන්ගේ ලැයිස්තුව අලුත් වෙයි! ලංකාවම දන්න කෙනෙකුත් ඉහළටම!

February 08, 2022

ආසියාවේ ලොකුම ධනවතා

මෙරට තුළ ද ආන්දෝලනාත්මක ලෙසින් කතාබහට ලක් වූ අදානී සමූහයේ හිමිකරුවන ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානී මහතා ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා.

මේබව අනාවරණය වූයේ බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ ලැයිස්තුව (Bloomberg Billionaires Index) යාවත්කාලීන කිරීමත් සමග යි.

එම ලැයිස්තුවට අනුව අදානි මහතාගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 88.5ක් වනවා.

අම්බානි පරදියි

මේවන තෙක් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටියේ ද ඉන්දියානුවෙකුවන අතර ඒ මුකේෂ් අම්බානි මහතා යි.

යාවත්කාලීන වූ බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව අම්බානි මහතාගේ වත්කම සටහන්ව ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 87.9ක් ලෙසින්.

ඒ අනුව මේවන විට අදානි මහතා විසින් අම්බානි මහතාව අභිබවා ගොස් තිබෙනවා.

ඉහළටම යන අදානි

එපමණක් නොව ගෞතම් අදානි මහතාගේ වත්කම් මෙම වසරේ දී ඩොලර් බිලියන 20කින් ඉහළ ගොස් ඇති බව ද සඳහන්.

එම අගයත් සමග ලොව වැඩිම වත්කම් වර්ධනය ලැබූ පුද්ගලයා බවට ඔහු පත්ව තිබෙනවා.

තව ද බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව ලොව ධනවත්ම පුද්ගලයින් අතර 10 වන ස්ථානයට පත්ව ඇත්තේ ද අදානි මහතා යි.

අම්බානි මහතාට එම ලැයිස්තුවෙහි 11 වැනි තැන හිමිව තිබෙනවා.

ගෞතම් අදානි මහතා මෙරට බොහෝසෙයින් අවධානයට ලක් වූයේ අදානි සමූහ ව්‍යාපාරය විසින් ආන්දෝලනාත්මක කොළඹ වරාය බටහිර පර්යන්තයෙහි ආයෝජනය කිරීමත් සමගින්.

අදානි ව්‍යාපාර සමූහය තුළ වරාය, පතල්, බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සමන්විත යි.

ලොව ලොකුම ධනවතා

මේ අතර බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව ලොව ධනවත්ම පුද්ගලයා බවට තහවුරු වී ඇත්තේ ටෙස්ලා, ස්පේස් එක්ස් ආදී සමාගම්වන හිමිකරුවන අමෙරිකා එක්සත් ජනපදයේ ඊලෝන් මස්ක් මහතා යි.

ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 235ක් වනවා.

අමෙරිකානු ඩොලර් බිලියන 183ක වත්කමක් හිමි, අමෙරිකා එක්සත් ජනපදයේ ඇමසෝන් සමාගමේ හිමිකරු ජෙෆ් බේසෝස් මහතා දෙවැනි ස්ථානයේ පසුවන අතර ප්‍රංශයේ LVMH ව්‍යාපාර ජාලයේ හිමිකරුවන බර්නාඩ් ආනෝල්ට් මහතා අමෙරිකානු ඩොලර් බිලියන 168ක වත්කම් සහිතව තෙවැනි ස්ථානයේ පසුවනවා.

සකර්බර්ග් පහළට

මයික්‍රොසොෆ්ට් සමාගමෙහි හිමිකරු බිල් ගේට්ස් මහතා පසුවන්නේ සිව්වැනි ස්ථානයේ යි.

ඒ අමෙරිකානු ඩොලර් බිලියන 129ක වත්කමක් සහිතව යි.

මේ අතර කලක් ලොව ධනවත්ම පුද්ගලයින් අතර ඉහළින්ම වැජඹුණු ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් මහතා හට මෙවර ලැයිස්තුවේ ලැබී ඇත්තේ 13 වැනි ස්ථානය යි.

ඔහුගේ වත්කම් ප්‍රමාණය සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 85ක් ලෙසින්.

වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 37.9ක් ලෙස තබා ගනිමින් අලිබබා ව්‍යාපාර ජාලයේ හිමිකරුවන චීන ව්‍යාපාරික ජැක් මා මහතා 34 වැනි ස්ථානයේ පසුවනවා.

Rate this item
(16 votes)
Last modified on Wednesday, 09 February 2022 21:14