April 26, 2024

මීරා ෆේස්වොෂ් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

පාරිභෝගික නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන කෙවින්කෙයා සමාගම විසින් සිය මීරා (Meera) සන්නාමය යටතේ තවත් නවතම නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගියදා උත්සවාකාරයෙන් කොළඹදී සිදු කෙරිණි.

මීරා ෆේස්වොෂ් (Meera Facewash) නිෂ්පාදනය එලෙස වෙළඳපොළට හඳුන්වාදෙන ලද නව නිෂ්පාදන අතර රතු සඳුන් (සුමුදු සම වෙනුවෙන්), නීම් හා තේ සාරය (කුරුලෑවලින් තොර සමක් වෙනුවෙන්)  සහ කහ (පැහැපත් සමක් වෙනුවෙන්) යන වර්ග තුනක් යටතේ හඳුන්වා දෙනු ලැබිණි.

මීරා ෆේස්වොෂ් සබන් ඉපැරණි ආයුර්වේද පොත්වල එන ස්වාභාවික විසඳුම්වලින් නිර්මිත, සම මත මෘදුව ක්‍රියාත්මක වන නිෂ්පාදනයකි. සැලිසිලික් අම්ලයෙන් තොර මීරා ෆේස්වොෂ් කුරුලෑ ඇති කරන බැක්ටීරියා 99.9% ක්ම විනාශ කිරීමෙහි සමත් ස්වභාවික නිෂ්පාදනයකි.

මෙම අවස්ථාවවේදී අන්තර්ජාලය හා සම්බන්ධ වූ කෙවින්කෙයා සමාගමේ පෞද්ගලික නිෂ්පාදන අංශයේ ප්‍රධානී (ශ්‍රී ලංකාව, නේපාලය හා බංගලාදේශය) අරුන් චකෝ මහතා මෙසේ පැවසීය “මීරා නිෂ්පාදන පෙළ යටතේ ෆේස්වොෂ් නිෂ්පාදනය හඳුන්වාදීම අපට ඉතා විශේෂ අවස්ථාවක්. මේ සමඟ දීර්ඝ කාලයක් පුරාවට ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට මීරා සන්නාමය යටතේ අප තිළිණ කළ ගුණාත්මක විසඳුම් පෙළ තවදුරටත් පුළුල් වෙනවා. මීරා

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ කෙවින්කෙයා සමාගමේ පෞද්ගලික නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා කළමනාකරු රනී මහතා මෙලෙස පැවසීය “මීරා ෆෙස්වොෂ් හඳුන්වාදීමත් සමඟ කෙවින්කෙයා ලංකා සමාගම පෞද්ගලික නිෂ්පාදන අංශයේ විශාලතම වෙළෙඳපොලකට අවතීර්ණ වෙනවා. අපේ බෙදාහැරීමේ ජාලයේ හැකියාව යොදා ගෙන ශ්‍රී ලාංකික කාන්තාවට ඉතා ප්‍රයෝජනවත් නිෂ්පාදනයක් ගෙන යාමට මේ හරහා අපට හැකි වී තිබෙනවා. ශ්‍රී ලංකාව පුරා වෙසෙන සියලුම කාන්තාවන්ට මේ ගුණාත්මක නිෂ්පාදනයට ප්‍රවේශය හිමිවන බවට තහවුරු කිරීමට අප කැප වී සිටිනවා”

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 January 2022 16:45