May 11, 2024

විජය පුතු හා දියණිය කලකට පසු මව් රටට

හිටපු ජනපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ දරුවන් දෙදෙනාම පසුගිය වකවානුවේ මෙරටට පැමිණි බව දැනගන්නට තිබෙනවා.

ප්‍රථමයෙන්ම මෙරට පැමිණ තිබෙන්නේ එංගලන්තයේ වෙසෙන කුමාරතුංග මහත්මියගේ දියණිය වන යසෝදරා කුමාරතුංග මහත්මියයි.

ප්‍රථමයෙන් පැමිණි අමුත්තා

ඒ ඇගේ දරුවන් තිදෙනා සමඟ.

ඉතා දිගු කලකට පසුව මෙරටට පැමිණි ඇය කුමාරතුංග මහත්මිය සමඟ මාසයකට ආසන්න කාලයක් සිට තිබෙනවා.

ඒ කාලය තුළ හොරගොල්ල නිවසේ මෙන්ම නුවරඑළියේ සංචාරයක නිරත වූ බවයි දැනගන්නට තිබෙන්නේ.

යසෝදරා කුමාරතුංග මහත්මිය මෙරටින් යළි පිටවීමට ආසන්න කාලයේදී ඇගේ සොයුරා වන විමුක්ති කුමාරතුංග මහතාද මෙරට පැමිණ තිබෙනවා.

පුත්‍රයාගේ පැමිණීම

ඔහු පැමිණියේත් එංගලන්තයේ සිටයි.

කුමාරතුංග මහතා පැමිණ තිබෙන්නේ තමන්ට ලැබුණු නිවාඩු කාලය උපයෝගී කරගෙන.

එසේ පැමිණි ඔහුද මාසයකට ආසන්න කාලයක් කුමාරතුංග මහත්මිය සමඟ කල් ගත කර තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ඒ හොරගොල්ල වලව්වේ.

මිතුරන් සමග සාකච්ඡාව

මෙරටට පැමිණි විමුක්ති කුමාරතුංග මහතා සිය පාසල් මිතුරන් මෙන්ම එංගලන්තයේ ලන්ඩන් සරසවියේ තමන් සමග මෙරට යහළුවන් මුණ ගැසී තිබෙනවා.

එහිදී රටේ වත්මන් දේශපාලනය ගැන සාකච්ඡා වූ බවත් වාර්තා වනවා.

යශෝධරා කුමාරතුංග මහත්මිය මෙන්ම විමුක්ති කුමාරතුංග මහතාගේ පියා වූයේ අභාවප්‍රාප්ත ජනප්‍රිය නළු විජය කුමාරතුංග මහතායි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 30 January 2022 13:57