February 05, 2025

ඩයනා ඉල්ලුවේ කංසා ලැබුණේ ප්‍රවාහනය

පක්ෂ මාරු කළ ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ බලාපොරොත්තුව මල්ඵල ගැන්වී තිබෙනවා.

ඇය පක්ෂ මාරු කළදා පටන් ඉල්ලා සිටියේ ඇමතිකමක් හෝ රාජ්‍ය ඇමති කමක්.

සිහිනය සැබෑ වීම

කංසා අපනයනය කිරීම සම්බන්ධයෙන් හෝ ළමා හා හා කාන්තා විශේෂ සම්බන්ධයෙන් වගකීමකුයි ඇය බලාපොරොත්තුවෙන් සිටියේ.

ඒත් ඇයට දැන් ලැබී තිබෙන්නේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යධූරය.

එම විෂයේ කැබිනට්
අමාත්‍යධූරය උසුලන්නේ දිලුම් අමුණුගම මහතා.

පක්ෂ මාරු කිරීම

2020 අගෝස්තු මහ මැතිවරණයේදී සමගි ජන බලවේග ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඇය එම වර්ෂයේ ඔක්තෝම්බර් මස ආණ්ඩුව ගෙන ආ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙමින් ආණ්ඩුවට එක් වූවා.

මේ වන විට සමගි ජන බලවේගය ඇගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කොට තිබෙනවා.

කංසා වගාව නීත්‍යානුකූල කොට විදේශ විනිමය ඉපයීම සඳහා යොදාගත යුතු බවට ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශ නිසා ඇයව මහජන විරෝධයට හා හාස්‍යයට ලක් වූ වාර අනන්තයි.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 19 April 2022 07:27
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449