April 25, 2024

ශ්‍රීලනිපයේ තවත් ජ්‍යෙෂ්ඨයෙක් කෙලින්ම බැහැ කියයි

මේ වන විට ස්වාධීන වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායමේ දෙදෙනකු ආණ්ඩුව සමග එක් වී සිටිනවා.

ඒ රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර හා ආචාර්ය සුරේෂ් රාගවන් යන මහත්වරුන්.

ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී

එහෙත් ශ්‍රීලනිපය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයකු කැබිනට් ඇමැති ධුරයක් ප්‍රතික්ෂේප කළ බව දැනගන්නට තිබෙනවා.

ඒ මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ජගත් පුෂ්ප කුමාර මහතායි.

යහපාලන ආණ්ඩුව

කලක් මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතා කිට්ටු හිතවාදියෙකු ඔහු 2015 ජනපති වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ගොඩ නැගූ යහපාලන ආණ්ඩුවට එකතු වුණා.

සිරිසේන මහතාට සහාය දැක්වීම නිසාම 2015 මහ මැතිවරණයේදී පරාජය වු පුෂ්ප කුමාර මහතා 2020 මහ මැතිවරණයේදී යළිත් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. 

Rate this item
(2 votes)
Last modified on Tuesday, 19 April 2022 07:25