April 20, 2024

අද පාර්ලිමේන්තුවේ හොඳ හොඳ සෙල්ලම් : ඉදිරි පෙළ පසුපසට - පසු පෙළ ඉදිරියට

අද (19) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු සම්ප්‍රදායයන්ට අනුව අද (19) ආණ්ඩු පක්ෂයේ පුටු පෙරළියක් සිදු වීමට නියමිතයි.

නව ඇමතිවරු

ඒ නව ඇමති මණ්ඩලයක් හා රාජ්‍ය ඇමතිවරු පත් වීම නිසා.

පාර්ලිමේන්තු සම්ප්‍රදායයන්ට අනුව ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ අසුන් හිමි වන්නේ කැබිනට් ඇමතිවරුන්ට සහ පක්ෂ නායකයින්ට.

ඒ අනුව මෙතෙක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයේ ඉදිරි පෙළ අසුන්වල අසුන්ගෙන සිටි කැබිනට් ඇමතිවරුන්ට සිය ඇමති ධුර අහිමි වීම නිසා තුන්වැනි සහ හතරවැනි පේලි දක්වා පසු බැසීමට සිදු වෙනවා.

ඉදිරි පෙළ අසුන්

මේ සමගම ආධුනිකයින් රැසකින් සමන්විත නව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ට ඉදිරි පෙළ අසුන් හිමි වීමට නියමිතයි.

එම නවක ඇමතිවරුන්ට පසුව අසුන් හිමි වන්නේ රාජ්‍ය අමාත්‍යවරුන්ට.

කැබිනට් ඇමති ධුරවලින් ඉවත් වූ ඇමතිවරුන්ට අසුන් පැනවෙන්නේ ඊටත් පසුවයි.

විපක්ෂයේ මන්ත්‍රී

කැබිනට් මණ්ඩල ඇමති ධුරවලින් ඉවත් වූ ඇමතිවරු තවදුරටත් ආණ්ඩුවේ ඉදිරි ඉදිරිපෙළ අසුන්වල අසුන් ගන්නේ කෙසේදැයි මීට පෙර පැවති පාර්ලිමේන්තු සැසියේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කථානායකවරයාගෙන් ප්‍රශ්න කළා.

ඒ සමගි ජන බලවේගය නියෝජනය කරන නලින් බණ්ඩාර මන්ත්‍රීවරයායි.

එහෙත් ඊට කථානායකවරයා ප්‍රතිචාර දැක්වුයේ නැහැ.

මේ අතර ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් තමන්ටද එක පෙළට වාඩි වීමට අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයන මෙන් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කොට තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 April 2022 09:38