May 09, 2024

රාජපක්ෂ පවුලට ප්‍රශ්න වැලක්: බැංකු සුද්දට දුන්න ඩියුටි ෆ්‍රී වාහනය ගන්නවාද නැද්ද

රටේ පාලනය කරන රාජපක්ෂ පවුලට මේ දිනවල රටේ කරදර වලට අමතරව පුද්ගලික කරදර වලිනුත් අඩුවක් නැහැ.

විශේෂයෙන්ම උදිත ලොකු බණ්ඩාර මහතා නිසා.

අතුරු ප්‍රශ්න රැසක්

අග්‍රාමාත්‍යවරයාගේ හිටපු පුද්ගලික ලේකම්වරයෙකු මෙන්ම පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයෙකු ද වන ඔහු අග්‍රාමාත්‍යවරයාගේ බැංකු ගිණුමකට දුන් සුද්දයේ අතුරු ප්‍රශ්න රැසක් දැන් මතුව තිබෙනවා.

ලොකු බණ්ඩාර මහතාට සිය පාවිච්චිය සඳහා ලබාදුන් තීරු බදු රහිත (DUTY FREE) වාහනය යළි ගම්දෝ නොගම්දෝ යන ප්‍රශ්නයකයි අගමැති පවුල මේ වන විට සිටින්නේ.

ලොකු බණ්ඩාර මහතාගේ පාවිච්චියට ලබා දී තිබෙන්නේ රාජපක්ෂවරුන්ට හිමිව තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රයකින් ලබාගත් සුඛෝපභෝගී මෝටර් රථයක්.

සුඛෝපභෝගී වාහනය

ලොකු බණ්ඩාර වසර ගණනාවක් පුරා පාවිච්චි කර තිබුණේ මේ වාහනය.

මේ වන විට අග්‍රාමාත්‍යවරයාට සම්බන්ධ සියලු තනතුරුවලින් ඉවත් කර ඇති ලොකුබණ්ඩාර මහතා පාවිච්චි කරන ඒ වාහනය යළි ලබා ගන්නා ආකාරය පිළිබඳව රාජපක්ෂවරු සාකච්ඡාවක්ද කර තිබෙනවා.

මුදල් වංචාවක් සමඟ ලොකු බණ්ඩාර මහතා එතෙක් දැරූ අගමැති පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුව ඉවත් කොට තිබෙනවා.

ඒ අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී හිත රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව.

Rate this item
(6 votes)
Last modified on Sunday, 30 January 2022 13:48