May 02, 2024

යාපනයේ ධීවරයින් විරෝධතාවයක

උතුරේ ධීවරයින් අද (30) විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

ඒ උතුරු මුහුදට ඇතුලු වන ඉන්දීය ධීවරයින්ගේ ආක්‍රමණයන් හේතුවෙන් ගෙවී ගිය වසර 10ක කාලය තුලදී උතුරේ ධීවරයින්ගේ රුපියල් කෝටි ගණනක් වටිනා දැල් ආම්පන් විනාශ වීම හේතුවෙන් එම ධීවරයින්ට වන්දි මුදල් ඉල්ලා.

යාපනය කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණා.

ඒ සඳහා ප්‍රදේශයේ ධීවරයින් රැසක් සහභාගී වී සිටියා.

මේ අතර යාපනය මරුදන්කේනි ප්‍රදේශයෙන් මුහුදු ගිය ධිවරයින් දෙදෙනෙකු දින හතරක කාලයක සිට මේ දක්වා අතුරුදන්ව ඇති බව මරුදන්කේනි පොලිසිය පවසනවා.

37 හැවිරිදි ජෝශප් ප්‍රේම්කුමාර් සහ ඔහුගේ සහෝදරියගේ පුත්‍රයෙකු වන 21 හැවිරිදි ටි.අරුන්කුමාර් නැමැති අයයි මෙලෙස අතුරුදන්ව ඇත්තේ.

ඔවුන් පසුගිය 27 වනදා මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගොස් ඇතත් ඔවුන්ගෙන් තොරතුරක් නොමැතිවීම හේතුවෙන් පවුලේ ඥාතින් විසින් මේ පිලිබඳ පොලිසියට පැමිණිලි කොට තිබෙනවා.

අතුරුදහන් වූ ධීවරයින් දෙදෙනාගේ යාත්‍රාව කිසියම් කාර්මික දෝෂයකට ලක්ව වෙනත් ප්‍රදේශයකට ගසාගෙන ගොස් අතරමංව සිටීම හෝ ඉන්දීය වෙරළ ආරක්ෂක අංශවලට හසු වී ඇත්දැයි සෙවීම සඳහා නාවික හමුදාවද දැනුවත් කොට සෝදිසි මෙහෙයුමක් සිදු කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදු කරන මරුදන්කේනි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 January 2022 15:26