May 02, 2024

යාපනය බන්ධනාගාරයේ කොටි සැකකරුවන් තිදෙනෙක් ආහාර වර්ජනයේ

February 24, 2022

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් වෙනුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු අද (24) දින සිට තමන් නිදහස් කරන්නැයි ඉල්ලා ආහාර වර්ජනයක නිරත වන බවට යාපනය පොලීසිය පවසනවා.

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී 2020 ජූලි මස 03 වනදා සහ 06 වනදා පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනයට ආධාර හා අනුබල දීම යන චෝදනා මෙන්ම 2021 මැයි මස 28 වනදා කිලිනොච්චිය ප්‍රදේශයේදී කලුකොටි දිනය සැමරීමට සම්බන්ධ යැයි සැකපිට ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත වූ සිව් දෙනෙකුගෙන් තිදෙනෙක් මෙලෙස ආහාර වර්ජනයේ නිරතව සිටිනවා.

මෙලෙස ආහාර වර්ජනයක නිරතව සිටින්නේ රත්නසිංහම් කමලාකරන්, වෛද්‍යලිංගම් නිර්මලන් සහ පද්මනාදන් අයින්කරන් යන තිදෙනා වන අතර ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ තමන් දීර්ඝ කාලයක් සැකපිට බන්ධනාගාරගතව සිටි හෙයින් තමන් නිදහස් කරන ලෙසටයි.

මේ අතර ආහාර වර්ජනයේ නිරතව සිටින සිරකරුවන්ගේ ඥාතීන් විසින්ද යාපනය ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වෙමින් පවසා සිටියේ,

අදාල දේශපාලන සිරකරුවන්ගේ පවුල් සාමාජිකයින් මේ වන විට දැඩි සේ අසරණව සිටින බැවින් බන්ධනාගාරගත කොට සිටින අදාල සිරකරුවන් වහාම නිදහස් කරන ලෙසටත් ත්‍රස්තවාදය වැලක්වීමේ පනත වහාම අහෝසි කිරීමට රජය පියවර ගත් යුතු බවටත්ය.

Rate this item
(0 votes)