May 07, 2024

යාපනය සරසවියේ සිසු ගැටුමක් Featured

December 20, 2021

යාපනය කෝපායි පොලිස් වසමේ පාල්පන්නි මංසන්ධියේදී යාපනය සරසවියේ විද්‍යාපීට සිසුන් දෙපිරිසක් අතර ඊයේ (19) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් සිසුන් 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි පොලීසිය පවසයි.

විද්‍යා පීඨයේ දෙවන වසරේ සිසුන් සහ තෙවන වසරේ සිසුන් වෙනුවෙන් පාල්පන්නි මංසන්ධියේ පිහිටි පෞද්ගලික හෝටලයක් තුල රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති අතර එහිදී දෙවන වසරේ සහ තෙවන වසරේ සිසුන් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව දෙපිරිස අතර එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී තිබෙනවා.

අදාල පහර දී ගැනීම සිදුව ඇත්තේ පෞද්ගලික හෝටලයෙන් පිටත බවටත් එහිදී පහරදී ගැනීම් වලින් තුවාල ලැබූ සිසුන් 05 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඉන් තිදෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර දෙදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

අදාල පහරදී ගැනීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර පරික්ෂණ කටයුතු කෝපායි පොලීසිය විසින් සිදුකරනවා.

Rate this item
(0 votes)