May 06, 2024

යාපනය මුහුද මැද මගී යාත්‍රාවක් නවතී - මගීන් නොසන්සුන් වෙයි (PHOTOS)

යාපනය නෙඩුන්තීවු සහ කූරිකඩ්ඩුවාන් අතර මුහුදු සීමාවේ ගමන්ගත් මගී යාත්‍රාවක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි ගමන්ගත් මගීන් 100කට ආසන්න පිරිසක් සමඟ යාත්‍රාව වෙනත් යාත්‍රාවකින් ඇදගෙන ඒමට සිදු වී තිබෙනවා.

නෙඩුන්තීවු සිට කූරිකඩ්ඩුවාන් දක්වා ගමන්ගත් මගී යාත්‍රාවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදු සීමාව අතරදී යාත්‍රාව නැවතීමෙන් එහි ගමන්ගත් මගීන් බිය වී දැඩි නොසන්සුන්තාවයක් අතිව තිබූ අතර එහිදී යාත්‍රාවේ කාර්ය මණ්ඩලය විසින් තවත් යාත්‍රාවක් සමග තාක්ෂණික සන්නිවේදනය ඔස්සේ සම්බන්ධ වී අදාළ යාත්‍රාව කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා ඇදගෙන යාමට පියවර ගෙන තිබුණා.

අදාළ මගී යාත්‍රාව කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා ඇදගෙන යාමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබූ අතර ඒ සඳහා පැය තුනක පමණ කාලයක් වැය වී තිබු බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 January 2022 13:30