May 19, 2024

සුසිල් ඉවත් කලේ පොලේ කතාව නිසාම නෙවෙයි : V 8 වාහනලාභී තිස්ස කුට්ටිගෙන් විශේෂ හෙළිදරව්වක්

මෑතකදී V 8 වර්ගයේ සුඛෝපභෝගී ප්‍රාඩෝ ජීප් රථයක් ලැබුණු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාව ජනපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට බලපෑ හේතුව හෙළිදරව් කරනවා.

සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉවත් කිරීමට හේතුව බොහෝ විස්වාස කරන දෙල්කඳ පොලේ කළ ප්‍රකාශය පමණක් නොවන බවයි මන්ත්‍රීවරයා තහවුරු කරන්නේ.

බුද්ධි අංශ වාර්තා

ඔහු සඳහන් කරන්නේ ප්‍රේම්ජයන්ත් මහතාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ බුද්ධි අංශ වාර්තාවකට අනුව බවයි.

මන්ත්‍රීවරයා ඒ බැව් සඳහන් කරන්නේ බුද්ධි අංශ වාර්තා සකසන ආකාරය පිළිබඳවද විග්‍රහයක් කරමින්.

ආණ්ඩුව පිළිබඳව , රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව , විකල්ප ආණ්ඩු තැනීම පිළිබඳව මෙන්ම රටේ දේශපාලනය හා බැඳුණු කරුණු රැසක් රාජ්‍ය බුද්ධි සේවා විසින් හෙළිදරව් කරගන්නා බවයි කුට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ.

අවසන් ප්‍රතිඵලය

සුසිල් ප්‍රේම් ජයන්ත් මහතාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට සිදු වූයේ එවන් බුද්ධි තොරතුරු රැසක් ඒකරාශි වීමේ අවසන් ප්‍රතිඵලයක් හැටියට බවයි මන්ත්‍රීවරයා අනාවරණය කරන්නේ.

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කිරීමට පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී.

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 January 2022 16:30

Related items