January 17, 2025

සුසිල් ගැන තීන්දුවට මහින්ද සාකච්ඡාවක් තියලා! පොහොට්ටුවේ තීන්දුව හෙට අනිද්දාම

රජය විවේචනය කිරීමේ චෝදනාව යටතේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණය ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

පක්ෂයේ දේශපාලන මණ්ඩලය මෙම තීරණය ගනු ඇතැයිද හෙතෙම සඳහන් කළා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෙසු නායකයන් අතර මූලික සාකච්ඡාවක් දැනටමත් පවත්වා ඇතැයි වාර්තා වනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම තනතුරින් පසුගිය 4 වැනිදා ඉවත් කරනු ලැබුවා.

ප්‍රේමජයන්ත මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබුවේ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුවය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ආණ්ඩුවේ කටයුතු  පසුගිය කාලයේදී දැඩි ලෙස විවේචනය කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 January 2022 09:01

Related items

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449