මේ පිළිබඳ අදහස් පළ කරමින් සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා සඳහන් කළේ තමාට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ කළොත් ඊට මුහුණ දීමට සූදානම් බවයි.
රාජ්‍ය ඇමතිධූරයෙන් ඉවත් කළ සුසිල් ප්‍රේමජයන්ත මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධූරයද අහිමි වීමේ ඉඩ කඩක් තිබෙන බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසූවේ හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බවයි.
ඒ අනුව ප්‍රේමජයන්ත් මහතා සම්බන්ධයෙන් පක්ෂය විසින් කිසියම් විනය ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි වාර්තා වනවා.
"විනය පරීක්ෂණ තියලා උසාවි ආවම වෙන්නේ මොනවද කියලා අපි බලමු" යයිද ඔහු සඳහන් කළා.
තමා අද ඊයේ දේශපාලනයට පැමිණි අයෙකු නොවන බවත් තමා කතා කළේ ජනතාවගේ ප්‍රශ්න ගැන මිසක් වෙන දෙයක් නොවන බවත් ඔහු පැවසූවා.