April 24, 2024

අරුන් තුන් දෙනා ඔය ස්විප් එක ඇදගන්න කොච්චර ට්‍රයිද : ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයා සුසිල්ට කිව්ව සුපිරි කතාව

ජනපතිවරයා විසින් ඉකුත් 4 වෙනි දින සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාව ඔහු දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා.

ඒ සමගම සුසිල් ප්‍රේම් ජයන්ත් මහතාට ලැබුණු දුරකථන ඇමතුම් ප්‍රමාණය අති විශාලයි.

ලැබුණු දුරකථන ප්‍රතිචාර

ඉන් අති බහුතරයක් ඔහුට සුභ පැතීමයි කළේ.

ඒ අතර ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙක් සිටිනවා.

පසුගිය ආණ්ඩු රැසකම කැබිනට් ඇමති ධුර දැරූ මතභේදාත්මක චරිතයක් වූ මෙම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාට අපූරු කතාවක් කිව්ව බවයි දුරකථන ඇමතුමට පිළිතුරු දුන් පාර්ශවයෙන් දැනගන්නට තිබෙන්නේ.

කියලවත් කර ගන්ඩ බැහැ

රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් තමාව අයින් කරපු එක කියලවත් කරගන්න බැරි දෙයක් බවත් දෙල්කඳ පොළෙන් තමා ගත්ත ස්වීප් ටිකට් එක තමන්ට ඇදුනු බවයි දෙදෙනා අතර ඇති වූ දුරකථන සංවාදයේදී ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කොට තිබෙන්නේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ජේෂ්ඨ මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ "අරුන් තුන් දෙනා ඔය ස්වීප් එක ඇද ගන්න කොච්චර දගලනවාද , හැබැයි ඒක ඇදුනේ ඔයාට , තුන්දෙනා ඇතුළේ ඉඳන් නිකම් සවුත්තු වෙනවා." කියායි.

අරුන් තුන් දෙනා

ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා අරුන් තුන් දෙනා ලෙස හැදින්වූයේ විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන් තිදෙනාවයි.

ඔවුන් තිදෙනා ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කරනවා පමණක් නොව කැබිනට් මණ්ඩල තීන්දුවකට එරෙහිව අධිකරණයට බව ගොස් තිබෙනවා.

ඒ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ මුදල් අමාත්‍යාංශය සතු 50% ක කොටස ඇමරිකාවේ නිව් ෆොට්‍රස් සමාගමට ලබා දීමට එරෙහිව.

Rate this item
(1 Vote)
Last modified on Monday, 10 January 2022 23:01

Related items