May 03, 2024

අගමැතිකමෙන් යනවාද ? නැද්ද ? මහින්දම පිළිතුරු දෙයි

තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවට මෙන්ම තමාගේ පවුලේ අයම තමාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවට යන කසු කුසු වලට මහින්ද රාජපක්ෂ මහතාම පිළිතුරු දී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ දේශපාලනය අත් හරී කියා කතා හදන රෝගීන් අතරේ තමන් නිරෝගීව සිටිනවා යයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා.

තමාගේ දේශපාලනය

අගමැතිකම තමාගේ දේශපාලනය නොව එහි එක් කොටසක් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

2015 ජනපතිවරණය පරාජය වීමෙන් පසු චමල් රාජපක්ෂ අගමැතිකම අරගෙන තමාව දේශපාලනයෙන් ඉවත් කරන බවට රාවයන් ගිය බවද අග්‍රාමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

ජනපති අපේක්ෂකත්වය

ගෝඨාභය රාජපක්ෂට තමා ජනපති අපේක්ෂකත්වය ගන්න දෙන්නේ නැති බවටද රාවයක් ගිය බව අග්‍රාමාත්‍යවරයා මතක් කර දෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කාලෙත් එවැනි භීති තිබූ බවත් සඳහන් කරමින්.

ඒ නිසා ඕවා ගණන් ගත යුතු නැති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බැව් සඳහන් කර තිබුණේ සති අන්ත ජාතික පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 08 January 2022 15:05