March 28, 2024

මහින්ද යාපනයට යයි - රට ගොඩගත හැකි තැනක් ගැනත් සොයා බලයි

යහපාලන සමයේ නතර කළ උතුරේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කර එහි ජන ජීවිතය ගොඩනැගීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

යුද්ධය හේතුවෙන් වැසී ගිය කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ වර්තමාන තත්ත්වය සොයා බැලීමටද අග්‍රාමාත්‍යවරයා අද එක්වුණා.

2021 පෙබරවාරි 08 වැනිදා ගනුලැබු කැබිනට් මණ්ඩල තීන්දුවට අනුව ඉදිරි සංවර්ධන කටයුතු සඳහා කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ප්‍රයෝජනයට ගත හැකි ගොඩනැගිලි පමණක් ඉතිරිකොට අනෙකුත් ගොඩනැගිලි විනාශ කර දැමීමට තීරණය කර තිබෙනවා.

එහෙත් අදාළ ගොඩනැගිලිවලින් සියයට 80ක්ම නැවත ප්‍රතිසංස්කරණයකොට ප්‍රයෝජනයට ගත හැකි බව අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයේදී අනාවරණය වුණා.

අනතුරුව යාපනය මඩ්ඩුවිල්හි ඉදිකළ "යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය" අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

රුපියල් මිලියන 200ක වියදමින් ඉදිකෙරුනු මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ කුටි විස්සකින් සමන්විතයි.

මෙම අවස්ථාවේදී යුද්ධයෙන් අතුරුදන්වුවන්ගේ ඥාතීන් පිරිසක්ද ඒ අසළ විරෝධතාවක නිරත වීමට උත්සහ කිරිමත් සමග පොලිසිය මැදිහත්ව එය වැලක්වීමට කටයුතු කළා.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 March 2022 16:51