මේ දිනවල වඩාත් කතා බහට ලක්වන දේශපාලන චරිතය වී තිබෙන්නේ ජනපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ සුසිල් ප්‍රේම්ජයන්ත මහතායි.
තමාට චෝදනා එල්ල කරන අයට ප්‍රේම්ජයන්ත මහතා මතක් කිරීමක් කරනවා.
අගමැතිගෙන් අහන්න
ඒ සුසිල් ප්‍රේම්ජයන්තගේ දේශපාලනය මොකක්ද කියන එක ගැන මහින්ද රාජපක්ෂ මහතාගෙන් අසා දැන ගන්නා ලෙසටයි.
මහින්ද රාජපක්ෂ මහතා තමාගේ දේශපාලනය මෙන්ම දේශපාලන ඉතිහාසය හොඳින් දන්නා බව සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අවධාරණය කරන්නේ තමා ඔහු සමග වසර 11ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා හැටියට වැඩ කළ බවද මතක් කර දෙමින්.
අමතක වූ අතීතය
ජනපතිවරු තනන්න, අගමැතිවරුන් තනන්න, ආණ්ඩු හදන්න තමන් කර කැප කිරීම් බොහෝ දෙනකුට අමතකව ඇති බවයි ප්‍රේම්ජයන්ත මහතා පෙන්වා දෙන්නේ.
තමාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව මෙන්ම කැබිනට් ඇමති ධූරයක් නොලැබීම සම්බන්ධයෙන්ද තමාට කිසිදු පසු තැවීමක් නොමැති බවත් ප්‍රේම්ජයන්ත මහතා අවධාරණය කරනවා.
සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මේ අදහස් පළ කළේ තමාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හා තමාගේ දේශපාලනය ගැන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.