රජයක් තුළ සිටිමින් එම රජයේ රජය විවේචනය කිරීම වැරැද්දක් නොවන බවට හිටපු ජනපතිවරයා ප්‍රකාශය වැරදි බව පොදු ජන පෙරමුණේ සභාපතිවරයා වන මහාචාර්ය ජී එල් පීරිස් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
මහජන නියෝජිතයෙක් ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙන්නේ නම් එසේ පෙන්වා දෙන වැරදි හදා ගැනීම එම ආණ්ඩුවේ වගකීම බවටත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය පොදු ජන පෙරමුණ සභාපතිවරයා ප්‍රතික්ෂේප කරනවා.
මත දෙකම වැරදියි
එනිසා හිටපු ජනපතිවරයාගේ ඒ මත දෙකම පොදුජන පෙරමුණ ප්‍රතික්ෂේප කරන බවයි මහාචාර්ය පීරිස් පෙන්වා දෙන්නේ.
සෑම සතියකම කැබිනට් මණ්ඩලයත් , ඒ හැරුණු කොට පොදු ජන පෙරමුන සන්ධානයේ පක්ෂ නායකයින් සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමත් රැස්වන බව මතක් කර දෙන මහාචාර්යවරයා ආණ්ඩුවේ වැරදි තිබේ නම් පෙන්වා දිය යුත්තේ එතැනදී බවයි අවධාරණය කරන්නේ.
කැබිනට් සම්ප්‍රදාය
එසේ නොමැතිව කැබිනට් මණ්ඩල ඇමති ධුර දරමින් කඩමණ්ඩියේ , ඉරිදා පොලේ හෝ ප්‍රසිද්ධ රැස්වීමක ආණ්ඩුව විවේචනය කිරීම කැබිනට් මණ්ඩල සම්ප්‍රදායට සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් මහාචාර්ය පීරිස් වැඩිදුරටත් සඳහන් කරනවා.
ඒ නිසා ආණ්ඩුව තුළ ආණ්ඩු 4 ක් 5 ක් තිබීමට මෙන්ම ආණ්ඩු පක්ෂය තුළ සිටිමින් විපක්ෂයේ කාර්යභාරය කිරිමට නොහැකි බව පොදු ජන පෙරමුණේ සභාපතිවරයා අවධාරණය කරනවා.
මහාචාර්ය පීරිස් මේ අදහස් පල පළ කළේ පොදු ජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී.