May 03, 2024

නව ගැසට්ටුවෙන් විමල් ගොඩ : පහළොව දහසය වෙයි

අමාත්‍යංශය කිහිපයක කාර්යභාරයන් සංශෝධනය කරමින් ජනපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

එම ගැසට් නිවේදනයේ විශේෂත්වය වන්නේ කැබිනට් මණ්ඩල සාමූහිකත්වය කඩ කළ බවට ජනපතිවරයාම චෝදනා කළ වන විමල් වීරවංශ අමාත්‍යවරයාට තවත් ආයතනයක් බාර දී තිබීමයි.

ආයතන සංඛ්‍යාව ඉහලට

විමල් වීරවංශ මහතා යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාංශයට මේ වන තුරු අයත්ව තිබුණේ ආයතන 15ක් පමණයි.

ජනපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව එම ආයතන සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය තමන්ට අමාත්‍යාංශය යටතට පැවරීමක් සමගයි.

කැබිනට් සාමූහිකත්වය කඩ කිරිම

මීට පෙර විමල් වීරවංශ මහතා ගත්තේ තිබූ පොස්පේට් ආයතනය ඔහුගෙන් ඉවත් කර මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා දරන කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට ජනපතිවරයා පැවරුවා.

ඒත් මෙවැනි ගැසට් නිවේදනයකින්.

විමල් වීරවංශ , උදය ගම්මන්පිල වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන් කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඔවුනුත් නියෝජනය කරන කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවට ගියා.

මීට ටික දිනකට පෙර ජනපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී එය කැබිනට් මණ්ඩල සාමූහික වගකීම කඩ කිරීමක් ලෙස පෙන්වා දුන් අතර ඔවුන් ඇමති ධුරවලින් ඉවත් වීම වඩාත් නිවැරදි තීරණය බවද ප්‍රකාශ කලා.

ආණ්ඩුවේ අනුදැනුම මත

විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලය තුළ සිටිමින් එහි තීරණ විවේචනය කිරීම ආණ්ඩුව දැනුවත්ව කරණ කටයුත්තක් බවටද මත පළ වනවා.

ඒ හරහා ආණ්ඩු විරෝධී වාසිය විපක්ෂයට යෑම වලක්වා ගැනීම අරමුණ බවයි ප්‍රකාශ වන්නේ.

ආණ්ඩුව විවේචනය කිරීමේ චෝදනාව මත සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඔහු දැරූ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ජනපතිවරයා ඉවත් කළ ද එවැනි පියවරක් ඉහත සඳහන් ඇමතිවරුන් සම්බන්ධයෙන් නොගැනීම මත එම සැකය තවත් තහවුරු වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 January 2022 11:50