April 24, 2024

මේ ආණ්ඩුව හැදෙන්නෙත් නැහැ: හදන්නත් බැහැ - විමල් කෙලින්ම කියයි

වත්මන් ආණ්ඩුව හරි මගට යන බවක් පේන්නෙ නැති බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

දැන් කරන දේවල් වලින් වුවත් පෙන්නුම් කරන්නේ ජන වරමට පිටු පා කටයුතු කරන ආකාරයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජනවරමේ අර්ථය

ඒ නිසා ආණ්ඩුවට තවත් අවස්ථාවක් දීම ප්‍රයෝජනවත් නැති වැඩක් බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

වත්මන් ආණ්ඩුව තමන්ට ලැබුණු ජනවරමේ අර්ථයට පිටුපාන්නේ නැතිනම් මේ ආණ්ඩුව වැට්ටීමට තමන්ට අවශ්‍යතාවයක් නැති බවත් මන්ත්‍රීවරයා අනාවරණය කරනවා.

ලැබුණු ජනවරමින් පිට පනිනවා නම් ඒ ගමන නවත්වන්න මේ ආණ්ඩුව නිර්මාණය කරන්න මූලිකත්වය ගත් තමන්ට ශුද්ධ වූ අයිතියක් තිබෙන බවද ඔහු අවධාරණය කරනවා.

පවුල් පාලනය

තමන් දැන් කරමින් සිටින්නේ එය බවයි වීරවංශ මහතා අවධාරණය කරන්නේ.

පවුල් පාලනයක් ඇති වීමට යලිත් ඉඩ තියන්නේ නැති බවටද මන්ත්‍රීවරයා සහතික වනවා.

පවුල් පාලනය අවසන් කර රට හරි මගට ගැනීම තමන්ගේ අද දවසේ වගකීම හා කාර්ය භාරය බවයි වීරවංශ මහතාගේ මතය වන්නේ.

ජාතික නිදහස් පෙරමුණේ නායකයාද වන වීරවංශ මහතා මේ අදහස් පළ කළේ මාධ්‍ය අමතමින්.

Rate this item
(2 votes)
Last modified on Sunday, 27 March 2022 12:32