March 28, 2024

විදේශ අමාත්‍යවරයා නොබැඳි රටවල රාජතාන්ත්‍රිකයන් දැනුවත් කරයි

නොබැඳි ව්‍යාපාරයේ සාමාජික රටවල රාජ්‍යතාන්ත්‍රිකයන්, ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කටයුතු කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ සඳහා නොබැඳි රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් සමඟ පසුගිය හත්වනදා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී රැස්වීමක් ද පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වර්ධනයන් මෙන්ම පවතින දේශපාලන හා ආර්ථික වාතාවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වූ බව එමඟින් නිකුත් නිවේදනයේ සඳහන්.

Rate this item
(0 votes)