April 19, 2024

ජනපති සුසිල්ට දුන් ටොපියෙන් පොරටෝක් දුන් රාජ්‍ය ඇමතිත් කොර වෙයි

සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙන්ම ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ කටයුතු විවේචනය කළ තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් සිටිනවා.

ඒ විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයායි.

පැහැදිලි වෙනස

ජනපතිවරයා විසින් සුසිල් ප්‍රේම් ජයන්ත් මහතාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයාගේද ලොකු වෙනසක් දකින්නට ලැබෙනවා.

ඒ ඉස්සර මෙන් ආණ්ඩුව විවේචනය නොකිරීමයි.

ඒ වෙනස පසුගියදා යෙදී තිබූ බණ්ඩාරනායක ජන්ම දින සමරුමට එක්වූ විදුර වික්‍රමනායක මහතාගෙන් දක්නට ලැබුණා.

ඉවසීමේ සීමාව පැනීම

එහිදී ඔහුගෙන් මාධ්‍ය විවිධ කාරණා සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම් වලදී රාජ්‍ය අමාත්‍යවරයාගේ ඉවසීමේ සීමාව ද ඉක්මවා යන අයුරුයි දක්නට ලැබුණේ.

ජනපතිවරයාගෙන් අසා දැන ගත යුතු දේ තමාගේ නොඅසා ඒවා ජනපතිවරයාගෙන්ම අසා දැන ගන්නා ලෙස සඳහන් කරමින් එහිදී වික්‍රමනායක මහතා මාධ්‍යවේදීන්ට ප්‍රතිචාර දැක්වූවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 12 January 2022 23:30

Related items