තමා කල්පනා කරන්නෙත් තමාව ඇමැති ධුරයේ තබාගෙන සිටින්නේ ඇයි දැයි යන්න බව විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කරනවා.
තමාටද ඊට උත්තරයක් නැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මාධ්‍ය නැගූ ප්‍රශ්නය
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාධ්‍යවේදීන් නැගූ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙන්ම ඔබත් ආණ්ඩුව විවේචනය කරද්දී ඔබ සම්බන්ධයෙන් පියවරක් නොගන්නේ මන්දැයි එහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.
ඇමති දුන් පිළිතුර
ඊට පිළිතුරු ලෙසයි වීරවංශ මහතා ඉහත සඳහන් අදහස් පළ කළේ.
කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳවද මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කළ අතර තමන් එවැන්නක් ගැන කිසි දෙයක් දන්නෙ නැති බව අමාත්‍යවරයා සඳහන් කළා.