May 05, 2024

රොබින් ප්‍රනාන්දු දිවි රඟමඩලට සමුදෙයි

ප්‍රවීන සිනමා නළු රොබින් ප්‍රනාන්දු මහතා වයස අවුරුදු 84ක්ව සිටිය දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මහරගම - වත්තේගෙදර පිහිටි සිය නිවසේ දී අද උදෑසන ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

වසර දෙකකට අධික කාලයක් රෝගාතුරව සිටි ඔහු 1964 වසරේ දී සිනමාවට පිවිසුණේ "චණ්ඩියා" චිත්‍රපටයෙන්.

එහෙත් මුල්වරට ප්‍රදර්ශනය කෙරුණු ඔහු රඟපෑ චිත්‍රපටය වන්නේ "ධීවරයෝ" චිත්‍රපටයයි.

බයිසිකල් හොරා, කවුද හරි, ඔහොම හොඳද, රන් ඔන්චිල්ලා, බිඳුණු හදවත්, හාරලක්ෂය, හිතක පිපිණු මල්, ලොකුම හිනාව, සිංගප්පූරු චාලි, අපරාධය හා දඬුවම, සිහසුන, ජීවන ගංඟා, සිකුරු ලියා, සිරිපාල සහ රන් මැණිකා, වීරපුරන් අප්පු, අපේක්ෂා, සංඛපාලි, බඹා කෙටූ හැටි, ලොකු තාත්තා, විසිදැල, දඩබිම, සුසීමා, මහරජ අජාසත් ඇතුලු සිනමා නිර්මාණ 93ක සිය කුසලතා විදහා දැක්වීමට රොබින් ප්‍රනාන්දු සමත්වුණා.

අභාවප්‍රාප්ත සිනමා නළු රොබින් ප්‍රනාන්දුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.

Rate this item
(1 Vote)