May 03, 2024

මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි (PHOTOS)

හැටන් සාලන්කන්ද ප්‍රධාන මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක් අද (08) දින අනතුරට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසුවා.

එම මාර්ගයේ ඇන්ෆිල්ඩ් ප්‍රදේශයේ සිට බස් රථය ගමන් වාරය සදහා රියදුරු විසින් බස් රථය පන ගන්වා ඉදිරියට ධාවනය කරන අවස්ථාවේ බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී බස් රථය ඉදිරියට ධාවනය වී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ ප්‍රපාතයෙන් වු ඇළකට පෙරලී මෙම අනතුර සිදු වි ඇති බවයි හැටන් පොලිසය කියා සිටියේ.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුල කිසිදු මගියෙකු සිට නොමැති බවද හැටන් පොලිසිය පැවසුවා.

අනතුරින් බස් රථයට දැඩි අලාභ හානි සිදු ව තිබෙනවා.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)