May 03, 2024

එළඹෙන බදාදා සිට එහෙ මෙහෙ යන ජනතාවට තවත් ලොතරැයියක් !

December 24, 2021

එලැඹෙන බදාදා (29) පොදු ජනතාවට තවත් බරක් පැටවීමට නියමිතයි.

ඒ එදිනට බස් ගාස්තු වැඩි වීමට නියමිත නිසා.

රාජ්‍ය ඇමති ප්‍රකාශය

එළඹෙන බදාදා සිට බස් ගාස්තු වැඩි කරන බව බස් කටයුතු රාජ්‍ය ඇමති අමුණුගම මහතා දැනට තහවුරු කර තිබෙනවා.

ඩීසල් ලීටරය රු.10 කින් වැඩිවීම මත බස් ගාස්තුද ඉහළ දමන ලෙස බස් සංගම් මේ වන විටත් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔවුන් ඉල්ලන්නේ අවම ගාස්තු රු. 25 කොට අනෙකුත් ගාස්තු 25% කින් වැඩි කරන ලෙසටයි.

වැඩි වන ප්‍රතිශතය

බස් ගාස්තු වැඩි කරන ප්‍රතිශතය තවමත් ප්‍රකාශයට පත්වී නැහැ.

එහෙත් 15% කට ආසන්න ප්‍රමාණයකින් බස් ගාස්තු වැඩි වෙතැයි විශ්වාස කෙරෙනවා.

මීට පෙර 2020 නොවැම්බර් මස බස් ගාස්තු 20% කින් ඉහළ දැම්මා.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 December 2021 07:55