May 03, 2024

මගීන් ආසන ගණනට පමණයි - පොලීසියෙන් රියදුරන්ට අවවාද (PHOTOS)

හැටන් බස් නැවතුම්පොලින් ගමන් ආරම්භ කරන සහ හැටන් බස් නැවතුම්පොලට පිටතින් පැමිණෙන කෙටි දුර සහ දිගු දුර ධාවනය කරන බස් රථ වල ආසන ගණනට වඩා මගීන් ප්‍රවාහනය කරන අයුරු අද (10) අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුණා.

17% කින් බස් ගාස්තු වැඩි කිරීමේදි ලංගම සහ පෞද්ගලික බස් රථ සංගම් ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කරන බවට ප්‍රවාහනය අමාත්‍යංශය සමග පැවති සාකච්ඡාවලදි එකගතාවයක් ඇති කරගෙන තිබෙනවා.

හැටන් බස් නැවතුම්පොලින් ගමන් ආරම්භ කරන සියළුම ලංගම සහ පෞද්ගලික බස් රථවල ආසන ගණනට වඩා මගින් ප්‍රවාහනය කල අතර, එම බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කිරීමට හැටන් පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරින් පියවර ගෙන තිබුණා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)                          

Rate this item
(0 votes)