May 03, 2024

බස් හිමියන්ට යන එන මං නෑ! බස් ධාවනය නතර වෙන ලකුණු

December 13, 2021

කොවිඩි වසංගත තත්වයත් සමග පුද්ගලික බස්රථවල දෛනික ආදායම අඩුවිම නිසා පුද්ගලික බස්රථවල සේවය කළ ඇතැම් රියදුරන් හා කොන්දොස්තර්වරුන් වෙනත් රැකියා සදහා යොමුවි ඇති බව දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් බි.එම්.ඒ රාජාකුමාර මහතා පවසනවා.

මෙම තත්වයත් සමග පුද්ගලික බස්රථ හිමියන්ට තම බස්රථ සදහා රියදුරන් හා කොන්දොස්තර්වරුන් සොයාගැනිමේ දි ගැටළු රැසකට මුහුණ දීමට සිදු වි ඇති බවද බි.එම්.ඒ.රාජාකුමාර මහතා සඳහන් කළා.

දකුණු පළාතේ පුද්ගලික බස්රථ සදහා රියදුරන් හා කොන්දොස්තර්වරුන්ගේ විශාල අඩුවක් දක්නට ඇති බව පවසන රාජාකුමාර මහතා ලැබෙන වැටුප අඩුවිම නිසා ඔවුන් එදිනෙදා කුලිවැඩ හා ස්වයං රැකියා සදහා යොමුවි ඇති බවද කියා සිටියා.

මේනිසා ඇතැම් පුද්ගලික බස්රථ හිමියන්ටම බස්රථ ධාවනය කිරිමට මෙන්ම කොන්දොස්තර්වරයාගේ රාජකාරිය කිරිමට සිදුවි ඇති බවද රාජාකුමාර මහතා ප්‍රකාශ කළා.

මේ පිළිබද අදහස් දක්වමින් රාජාකුමාර මහතා මෙසේද පැවසුවා.

"පුද්ගලික බස්රථයකින් ලැබෙන දෛනික ආදයමෙන් සියයට 10ක් හෝ 15ක් තමයි බස්රථ රියදුරුට හා කොන්දෝස්තර්වරයාට ලබාදෙන්නේ. කොවිඩ් වසංගතය නිසා  ලැබෙන ආදායම අඩුවෙලා තියෙනවා. ආදායම අනුව  දිනකට රුපියල් 700ක් 800ක් මුදලක් තමයි මේ අයට  ලැබෙන්නේ .ඒ නිසා ඔවුන් එදිනෙදා කුලිවැඩ සහ ස්වයං රැකියා හා වෙනත් රැකියා සදහා යොමුවෙලා තියෙනවා. මෙම සේවාව පවත්වාගෙන යාම සදහා පුද්ගලික බස්රථවල කොන්දොස්තරුවරුන් ලෙස සේවය කළ වයස අවුරුදු 60ට වැඩි අයටත් යලි කොන්දොස්තරවරුන්ට ලබාදෙන බලපත්‍රය ලබාදිමට කටයුතු කළා." 

ගාල්ල - ලලිත් චාමින්ද

Rate this item
(0 votes)
Last modified on Monday, 13 December 2021 12:11