May 05, 2024

කොළඹ වටිනා ඉඩම් දෙකක් චීනයට සහ ඉන්දියාවට! ආදායම ඩොලර් බිලියනයකට ආසන්නයි

December 14, 2021

කොළඹ දිස්ත්‍රික්කයේ ඉතා වටිනා ඉඩම් දෙකක් විදේශීය ආයෝජක සමාගම් වෙත බද්දට දීමට අදාළ ගිවිසුම් සකස් කර ඇති බව වාර්තා වෙනවා.

මෙම ඉඩම් දෙක බද්දට දීම හරහා රජය අපේක්ෂා කරන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න වෙයි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ සඳහා අවශ්‍ය කටයුතු සකස් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය ආයෝජකයෙකු වෙත දෙමටගොඩ ප්‍රදේශයේ අක්කර පහක ඉඩමක් ඇමෙරිකානු ඩොලර් මිලියන 200කට බද්දට දීමට නියමිත අතර එහි පෞද්ගලික රෝහල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

චීනයේ හා ඩුබායි ඒකාබද්ධ ආයෝජනයක් ලෙසින් සමිට් ෆ්ලැට්හි නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් අක්කර 10ක් බද්දට දීමට නියමිත අතර ඒ හරහා අපේක්ෂා කරන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලයන 750ක්.

මේ සඳහා වන අවබෝධතා ගිවිසුම් සකස් කර ඇති අතර ඒවා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බව සති අන්ත ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

මිට අමතරව කොළඹ කොටුවේ අක්කර 1.5ක් මැලේසියානු ආයෝජකයෙක් වෙත මිශ්‍ර ව්‍යාපෘතියක් වෙනුවෙන් බදු ගැනීමට අදාළව ව්‍යාපෘති යෝජනාවක් මැලේසියානු ආයෝජකයෙක් විසින් ඉදිරිපත් කර ඇති අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක්.

ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි අක්කර 1.5ක ඉඩමක් හෝටල් හා නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් චීන සමාගමක් වෙත බදු දීමට මේ වන විට අවධානය යොමුව තිබෙනවා.

සිංගප්පූරු සමාගමක් කටුනායක හා ගාල්ල ඉඩම් කිහිපයක ආයෝජනය කිරීමට අපේක්ෂා කරන අතර තවත් සමාගමක් ජා ඇළ ඉඩම් කිහිපයක ආයෝජනය කිරීමට අපේක්ෂා කරයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 14 December 2021 01:40